ධම්මක සිරිවර්ධන විසින් අධ්‍යක්ෂණය කල රොෂාන් රණවන හා පූජා උමාශන්කර් රංගනයෙන් දායක වූ සුවඳ දැනුනා ජීවිතේ චිත්‍රපටය තවමත් ලංකාව පුරා තිරගත වෙනවා. මම හිතනවා අපේ යාළුවොත් මේ චිත්‍රපටය බලන්න ඇති කියලා. මේ චිත්‍රපටය පිළිබඳව කතා කිරීමේදී මෙහි අඩංගු වන ගීත අපට අමතක කරනන්න බැහැ. මොකද මෙහි ඇතුලත් වන ගීත නිසා තමයි මේ චිත්‍රපටය ගොඩක්ම ජනප්‍රිය උනේ. මෙම චිත්‍රපටය හිංදි සිනමාවේ තිරගත වූ "Jub We Met" චිත්‍රපටයට සමාන බවයි ප්‍රේක්ෂකයන්ගේ හා විචාරකයන්ගේ මතය. ඔන්න එහෙනම් මේ චිත්‍රපටය බෙහෙවින් ජනප්‍රිය වීමට හේතුපාදක වූ මෙහි අඩංගු ගීත ඇල්බමය ලබා දෙන්නයි මම සූදානම් වෙන්නෙ. ගීත ඇල්බමයක් කිව්වට ඉතින් සිංදු 5 යි තියෙන්නේ. සිංදු 5 ක් වුණත් සුපිරි සිංදු 5 ක් තමයි චිත්‍රපටය පුරාවටම ඇතුලත් වෙලා තියෙන්නෙ. එහෙනම් බාගෙන, අහලම බලන්නකෝ. කොමෙන්ට් එකකුත් දිලා යන්න අමතක කරන්න එපා.
more »