රූසිරි - සෙන්ටිග්‍රේඩ්ස් 2 වන ඇල්බමය

ඔන්න මම හිතුවා අළුත් සිංදු තුළින් මුලින්ම අපේ යාළුවන්ට CENTIGRADZ  ජනප්‍රිය සංගිත කණ්ඩායමේ අලුත්ම ගීත එකතුව වූ රූසිරි ගීත ඇල්බමය ලබා දෙන්න. ගොඩක් අය දැනටමත් මේක රසවිදලා ඇති කියල මම හිතනවා. ඉතින් අහන්න බැරි වුන අයට මෙන්න අපේ සිංදු අඩවියෙන් ඒකට අවස්ථාව තියෙනවා. ඉතින් ගීත‍ එකතුව සහ සංගීත කණ්ඩායම ගැනත් පොඩ්ඩක් කියනවනම්, අපේ යාළුවො දන්නවනේ  CENTIGRADZ කියන්නේ අපේ කම රැකගෙන ඉදිරියට යන සංගීත කණ්ඩායක් කියලා. ඉතින් මේ CENTIGRADZ සංගීත කණ්ඩායම විසින් එලිදක්වපු දෙවන ගීත‍ එකතුව  තමයි රූසිරි කියන්නේ. මොවුන්ගේ පළවෙනි ගීත ඇල්බමය එනම් උරුමය නිකුත් කරලා, අවුරුදු 4කට පස්සේ තමයි මෙම ගීත‍ එකතුව එළි දක්වල තියෙන්නෙ. මෙහි ගීත 18 ක් අඩංගු වෙලා තියෙනවා. සිංහල ගීත‍ වගේම මෙහි එක් ද්‍රවිඩ ගීතයකුත් ඇතුලත් වෙලා තියෙනවා. ගීත‍ එකතුව නම් අති සාර්ථකයි. ඕගොල්ලො බලනවා ඇතිනේ ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වන "සුළඟ" ටෙලි නාට්‍ය. ඒකෙ Theme Song එකටත් අරන් තියෙන්නේ රූසිරි ගීත ඇල්බමයේ ගීතයක්ම තමයි.  ඒවගේම ජනප්‍රිය වුණු "කොටුව" Video Song එකත් මේ ඇල්බමයෙන් ම බිහිවුණු ගීතයක් ම තමයි. ඉතින් ඒකෙන්ම පේනවනේ ඇල්බමය කොච්චර ජනප්‍රිය වුණාද කියලා. බාගෙන, අහලම බලන්න. කමෙන්ට්ස් දාලා යන්නත් අමතක කරන්න එපා.

1 comments:

Geeth Nuwan said...

පැහැසර TAKE 2 නම් සුපිරි සිංදුව !!

Post a Comment

මෙහි පළ වී ඇති සිංදු ගැන ඔයගොල්ලන්ට හිතෙන දෙයක් ලියන්න.
ඔයාලගේ අදහස් අපිට හුඟක් වටිනවා. ඒවා අපේ ඉදිරිගමනට මහත් රැකුලක් වේවි.

විශේෂයි-
Singlish වලින් ටයිප් කරන්න මෙහි ඇති යුනිකෝඩ් එසැණින් පරිවර්තකය භාවිතා කරන්න.