ඔබ වෙනුවෙන් තැනූ තවත් Youtube රූප සිංදුවක්



ඔබගේ කොමෙන්ට් එක ඔහුගේ ඉදිරි ගමනට දිරියක් වේවි. ඒක හින්දා දාලාම යන්න කොමෙන්ට් එකක්.

එච්.ආර්. ජෝතිපාලයන් ගැයූ ගී (3 වන කාණ්ඩය)

ගීතය ගායනය බාගන්න
1. පෙර දිනෙක එදා එච්.ආර්. ජෝතිපාල Download Here
2. පෙරදා එක්වී ගී එච්.ආර්. ජෝතිපාල Download Here
3. පායා ඇයි එච්.ආර්. ජෝතිපාල Download Here
4. මලින් පිරී ගිය එච්.ආර්. ජෝතිපාල Download Here
5. පායා දිලේද චන්ඳ්‍ර එච්.ආර්. ජෝතිපාල Download Here
6. මා පැතූ දේ කෝ එච්.ආර්. ජෝතිපාල Download Here
7. ඔබ තැකුමෙන් එච්.ආර්. ජෝතිපාල Download Here
8. මා හද ඔබේ දයාවී එච්.ආර්. ජෝතිපාල Download Here
9. මේ නොනිමෙන එච්.ආර්. ජෝතිපාල Download Here
10. මගෙ ජීවිතයේ සතුටඑච්.ආර්. ජෝතිපාල Download Here
11. සෝබාව හංගා එච්.ආර්. ජෝතිපාල Download Here
12. රත්තරන් පෙම් පුරානේ එච්.ආර්. ජෝතිපාල Download Here

යුවලක් ගැයූ ගී 16 ක්


මහාචාර්ය අමරා රණතුංග - ආචාර්ය දයාරත්න රණතුංග යුවල ගැයූ ගී 16 ක් තමයි අද මම කට්ටියට දෙන්න යන්නෙ. හොඳයිද කියලා බලන්නකෝ. කොමෙන්ට් එකකුත් දෙන්න අමතක කරන්න එපා.

Jeevaye Sathuta - Nimrods (අළුත් වැඩක්)


Band Name : Nimrods

Artist : Thusith, Gihan, Uchitha, Viraj, Rumesh

Produced by : Dilanga BODHI Nayaka BODHI Sound Lab

Mixed & Mastered : Thusith Ft Dilaga Bodhi Nayaka



එච්.ආර්. ජෝතිපාලයන් ගැයූ ගී (2 වන කාණ්ඩය)

ගීතය ගායනය බාගන්න
1. සිනහා එච්.ආර්. ජෝතිපාල Download Here
2. රජකම් කෙරුවත් එච්.ආර්. ජෝතිපාල Download Here
3. ටජ්මහලක් එච්.ආර්. ජෝතිපාල Download Here
4. නව මිණි රන් මුතු එච්.ආර්. ජෝතිපාල Download Here
5. ඇයි දැන් එපා වෙලා එච්.ආර්. ජෝතිපාල Download Here
6. ඒ තරහා වී එච්.ආර්. ජෝතිපාල Download Here
7. ඇල්හේනේ එච්.ආර්. ජෝතිපාල Download Here
8. ආලේ මිහිර පෙන්නා එච්.ආර්. ජෝතිපාල සමඟින් 
ඇන්ජලීන් ගුණතිලක
Download Here
9. බලා ඉන්නවානේ එච්.ආර්. ජෝතිපාල Download Here
10. දෑසේ කඳුළු ගලලා එච්.ආර්. ජෝතිපාල Download Here

සිංදු අඩවිය යළිත් ඉදිරියට

ඔන්න ටික කාලයක් සද්ද නැතුව හිටියනේ. දැන් ඔන්න ආයිත් ආවා දහසකුත් කරදර බාධක මැද්දෙන් ඔබ වෙතට. ඔන්න අද ඉඳලා පටන් ගන්නවා ආයිමත් අපේ හිත මිතුරන්ට සිංදු ලබා දෙන්න. ඔන්න ඔය පල්ලෙහා තියෙන්නේ අපි මෙතෙක් ඕගොල්ලන්ට ලබා දුන් සිංදු හා ලිපි වල Links. බැලුවෙ ඇහුවෙ නැත්නම් ඔන්න තියෙනවා.








!!!!!!!!!!!! ආවා ආවා සිංදු අඩවිය නැවතත් ජංජාලයට ආවා !!!!!!!!!!!!

ඔබ වෙනුවෙන් You Tube රූප සිංදු 2 ක්

මගේ පාසල් කාලයේ මිත්‍රයෙක් වන (Thusith Kumara Muthuhewa) විසින් නිර්මාණය කරපු (අපේ භාෂාවෙන් කියනව නම් Maxxa) You Tube රූප සිංදු 2 ක් තමයි ඔය පහතින් දාල තියෙන්නෙ. අපේ යාළුවන්ට You Tube එක හරහා බලන්න ඕනෙ නම් අපේ Channel එක හරහා බලන්නත් පුළුවන් (සිංදු අඩවියේ You Tube චැනලය) කොහොමද හොඳයිද කියලා බලලා ඕ‍‍ගොල්ලන්ගේ අදහසකුත් කොමෙන්ට් එකේ දාලා යන්නකෝ. එතකොටනේ තව තවත් මේ වගේ දේවල් නිර්මාණය කරන්න උනන්දුව ඇතිවෙන්නේ. තව දෙයක් මේ වගේ නිර්මාණයන් කරන අපේ යාළුවො ඉන්නවනම් අපිට එවන්න ඕගොල්ලො නිර්මාණය කරපු You Tube රූප සිංදුව අපේ අඩවියෙන් ඒ සඳහා අවස්ථාව ලබා දෙන්න සූදානමින් අපි ඉන්නේ.






Obamai (Radika & Thilie)


  • Artist : Radika N Thilie
  • Song : Obamai
  • Lyrics by : Radika, Thilie & Dimithri
  • Produced by : Dimithri
  • Mixed & Mastered : Pasan Liyanage

සුවඳ දැනුනා ජීවිතේ චිත්‍රපටයේ ගීත ඇල්බමය

ධම්මක සිරිවර්ධන විසින් අධ්‍යක්ෂණය කල රොෂාන් රණවන හා පූජා උමාශන්කර් රංගනයෙන් දායක වූ සුවඳ දැනුනා ජීවිතේ චිත්‍රපටය තවමත් ලංකාව පුරා තිරගත වෙනවා. මම හිතනවා අපේ යාළුවොත් මේ චිත්‍රපටය බලන්න ඇති කියලා. මේ චිත්‍රපටය පිළිබඳව කතා කිරීමේදී මෙහි අඩංගු වන ගීත අපට අමතක කරනන්න බැහැ. මොකද මෙහි ඇතුලත් වන ගීත නිසා තමයි මේ චිත්‍රපටය ගොඩක්ම ජනප්‍රිය උනේ. මෙම චිත්‍රපටය හිංදි සිනමාවේ තිරගත වූ "Jub We Met" චිත්‍රපටයට සමාන බවයි ප්‍රේක්ෂකයන්ගේ හා විචාරකයන්ගේ මතය. ඔන්න එහෙනම් මේ චිත්‍රපටය බෙහෙවින් ජනප්‍රිය වීමට හේතුපාදක වූ මෙහි අඩංගු ගීත ඇල්බමය ලබා දෙන්නයි මම සූදානම් වෙන්නෙ. ගීත ඇල්බමයක් කිව්වට ඉතින් සිංදු 5 යි තියෙන්නේ. සිංදු 5 ක් වුණත් සුපිරි සිංදු 5 ක් තමයි චිත්‍රපටය පුරාවටම ඇතුලත් වෙලා තියෙන්නෙ. එහෙනම් බාගෙන, අහලම බලන්නකෝ. කොමෙන්ට් එකකුත් දිලා යන්න අමතක කරන්න එපා.

ගීතය ගායනය බාගන්න
සුවඳ දැනුනා ජීවිතේ අමිල පෙරේරා සමඟින් උරේෂා රවිහාරී Download Here
පෙරදා මැවූ සිනාවන් ශිහාන් මිහිරංග Download Here
රන් සමනල්ලු උරේෂා රවිහාරී Download Here
රොන් සුවඳ දෙන උරේෂා රවිහාරී සමඟින් ශිහාන් මිහිරංග Download Here
සිත් මල් හැඟුමන් ගායක ගායිකාවන් බොහෝ පිරිසක් Download Here

රූසිරි - සෙන්ටිග්‍රේඩ්ස් 2 වන ඇල්බමය

ඔන්න මම හිතුවා අළුත් සිංදු තුළින් මුලින්ම අපේ යාළුවන්ට CENTIGRADZ  ජනප්‍රිය සංගිත කණ්ඩායමේ අලුත්ම ගීත එකතුව වූ රූසිරි ගීත ඇල්බමය ලබා දෙන්න. ගොඩක් අය දැනටමත් මේක රසවිදලා ඇති කියල මම හිතනවා. ඉතින් අහන්න බැරි වුන අයට මෙන්න අපේ සිංදු අඩවියෙන් ඒකට අවස්ථාව තියෙනවා. ඉතින් ගීත‍ එකතුව සහ සංගීත කණ්ඩායම ගැනත් පොඩ්ඩක් කියනවනම්, අපේ යාළුවො දන්නවනේ  CENTIGRADZ කියන්නේ අපේ කම රැකගෙන ඉදිරියට යන සංගීත කණ්ඩායක් කියලා. ඉතින් මේ CENTIGRADZ සංගීත කණ්ඩායම විසින් එලිදක්වපු දෙවන ගීත‍ එකතුව  තමයි රූසිරි කියන්නේ. මොවුන්ගේ පළවෙනි ගීත ඇල්බමය එනම් උරුමය නිකුත් කරලා, අවුරුදු 4කට පස්සේ තමයි මෙම ගීත‍ එකතුව එළි දක්වල තියෙන්නෙ. මෙහි ගීත 18 ක් අඩංගු වෙලා තියෙනවා. සිංහල ගීත‍ වගේම මෙහි එක් ද්‍රවිඩ ගීතයකුත් ඇතුලත් වෙලා තියෙනවා. ගීත‍ එකතුව නම් අති සාර්ථකයි. ඕගොල්ලො බලනවා ඇතිනේ ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වන "සුළඟ" ටෙලි නාට්‍ය. ඒකෙ Theme Song එකටත් අරන් තියෙන්නේ රූසිරි ගීත ඇල්බමයේ ගීතයක්ම තමයි.  ඒවගේම ජනප්‍රිය වුණු "කොටුව" Video Song එකත් මේ ඇල්බමයෙන් ම බිහිවුණු ගීතයක් ම තමයි. ඉතින් ඒකෙන්ම පේනවනේ ඇල්බමය කොච්චර ජනප්‍රිය වුණාද කියලා. බාගෙන, අහලම බලන්න. කමෙන්ට්ස් දාලා යන්නත් අමතක කරන්න එපා.

ශ්‍රී ලාංකීය සංගීත කලාවේ අසහාය ගායකයා - එච්.ආර්. ජෝතිපාල


1936 පෙබරවාරි 12 දා උපත ලැබූ හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල හෙවත් ඔබ මා කවුරුත් හඳුනන “හදවත රත්තරන්” නම් වූ එච්.ආර්. ජෝතිපාල ශ්‍රී ලාංකීය සංගීතයේ අමරණීය නමක් තබන්නට සමත්වීය. සිංදු සිය දහසකට අධික සංඛ්‍යාවකට උරුමකම් කියමින් සිංහල සංගීතයේ ඔටුනු පලන් කුමරා ලෙසද ප්‍රසිද්ධියට පත් වීය.

ජෝතිපාල මධ්‍යම පාන්තික පවුලක, පළමු දරුවා ලෙස ශ්‍රී ලංකාවේ දකුණු දිග ප්‍රදේශයේ උපත ලැබීය. ඔහු අධ්‍යාපනය ලැබුවේ මරදානේ ශාන්ත ලෝවුරන්ස් විද්‍යාලයෙන් සහ දෙමටගොඩ සා.ජෝන්ස් විද්‍යාලයෙනි. වැස්සකටවත් සංගීතය පන්තියකට ගොඩ නොවූ මොහු එකළ නිවසේ ගුවන්විදුලි යන්ත්‍රයක් නොතිබූ නිසා මේ කාලයේදී ඔහු ගීත ඇසීම සඳහා අසල තේ කඩයකට යාමට පුරුදුව සිටි බව විකියේ සඳහන් වේ.

සිංහල සිනමාවේ ජනප්‍රිය පසුබිම් ගායකයෙක් වූ මෙතුමා 1956 දී සිරිල් පී. අබේරත්නයන්ගේ “සුරතලී” චිත්‍රපටය සඳහා “සිරියා මේ සාරා” ගීතය ගායනා කරමින් රිදී තිරයට එක් විය. මෙම චිත්‍රපට ගීතය තවමත් ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රීයව පවතී. ජෝතිපාල ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් සමඟ කටයුතු කර තිබේ. ඔහුගේ වෘත්තීය ජීවිතයේ මුල් කාලයේදී අද්විතීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ "සන්දේශය" චිත්‍රපටයේදී ඔහු හා එක්ව වැඩ කිරීමට අවස්ථාවක් ලබා ගත්තේය. ජෝතිපාල මේ සඳහා ප්‍රවීන ගායක සුනිල් ශාන්තයන් විසින් තනු නිර්මාණය කරන ලද කෘතහස්ත ගීත රචක අරිසෙන් අහුබුදු ශූරීන් ලියූ "පෘතුගීරිසිකාරයා" ගීතය ගායනා කළේය. මෙම චිත්‍රපට ගීතය ද තවමත් ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය ය.

අනතුරුව ඔහු තවත් කඩඉමක් පැන්නේය. එනම්, චිත්‍රපට රංගනයටය. හැ‍‍ටේ දශකයේ අග භාගයේ හා හැත්තෑව දශකය පුරාම චිත්‍රපට සඳහා "ජෝතිපාල" නම අවිවාදයෙන් පිලිගැනුණේය. ජෝතිපාල රඟපෑ චිත්‍රපට අතර ‘සූකිරි කෙල්ල’, ‘සුජීවා’, ‘අබිරහස’ වැනි නිර්මාණ වෙයි. ‘ඔබයි මමයි’ චිත්‍රපටය හරහා චිත්‍රපට නිෂ්පාදනයට ද ජෝති පැමිණිය බව බොහෝ දෙනා නොදනිති.

හින්දි ගීත ගායනා කිරීමෙන් ඔහු විවේචනයට ලක් වූවද, පණ්ඩිත් අමරදේව, පී.වී. නන්දසිරි, ප්‍රේමසිරි කේමදාස, සරත් දසනායක සහ මිල්ටන් මල්ලවාරච්චි යන අයගේ මඟ පෙන්වීම යටතේ ඔහු එම ගීත ගායනා කළේය.

“ජෝතිපාල සංගීතය හදාරලා නැහැ... ජෝතිපාල තරම් ඉයර් එකට කියන්ඩ පුළුවන් කිසි කෙනෙක් තවම නැහැ... ”, මේ වරක් කේමදාස මාස්ටර් පැවැසූවකි.

ඔහු “කස්තුරි සුවඳ”, “තුෂාරා”, “ස්වීප් ටිකට්, “හිත හොඳ මිනිහෙක්”, “කවුද රජා”, “හොඳට හොඳයි”, “වාසනා”, “සංගීතා” සහ වෙනත් ජනප්‍රීය චිත්‍රපටද ඇතුලත්ව චිත්‍රපට සිය ගණනක් සඳහා ගීත ගායනා කළේය. මෙම සම්මානලාභී ගායකයා “ඇතුල්වීම තහනම්”, “සුලලිත සොබනි”, “සුජීවා, “සූකිරි කෙල්ල”, “අභිරහස”, “බෝනික්කා”, “ශාන්ති” සහ ඔහුගේම නිෂ්පාදනයන් වන “සුමිතුරෝ” සහ “ඔබයි මමයි” යන චිත්‍රපට සඳහා අමතක නොවන චරිත නිරූපණය කලේය.

ඔහු ගායනා කළ ගීත බොහෝමයක් අපට අද අසන්නට නොලැබේ. හැත්තෑව හා අසූව දශක වල ජෝතිපාල නොමැතිව සංගීත ප්‍රසංගයක් අංගසම්පූර්ණ නොවූ බව අප අසා ඇති කරුණකි. තවත් ප්‍රසිද්ධ කරුණක් නම් අපේ රටේ තවත් සුප්‍රසිද්ධ ගායකයෙකු වන විජය කුමාරතුංගයන් රංගනයෙන් දායක වූ චිත්‍රපට රාශියකට ජෝතිපාලයන් තම ස්වරය මුසුකර ඇති බවයි. විජය මාලිනී සුසංයෝගට තිරය පි‍ටුපසින් ජෝති ඇන්ජලින් සිට ඇත්තේ චිත්‍රපට කීපයකට නොවේ. ගඟ අද්දර වැනි චිත්‍රපට කිහිපයකට හැරෙන්නට විජය කුමාරතුංගයන් තමන්ගේ හඬට යොදාගත්තේ ජෝතිපාලන්ගේ ස්වරයයි.

“අවුරුදු විස්සක් නළුවෙක් හැටියට ජීවත් වෙච්ච මට අවුරුදු විස්සක් මං වගේම, මටම ගැලපෙන විදියට අවුරුදු විස්සක් තිස්සේ මට සින්දු කිව්වේ එච්.ආර්. ජෝතිපාලයි. ඒ හඬ මට ලබා දෙන්න වෙනකෙකුට තියා මටවත් පුළුවන්කමක් නැහැ” යනුවෙන් විජය කුමාරතුංගයන් විටෙක පවසා ඇත.

අදටත් බොහෝ දෙනා සුපිරි තරු වන්නේ, තවත් කෙනෙක් ගේ එදා වේල සරි කැරෙන්නේ ඔබේ ස්වරයෙන් මැවුණු ගීතයන් නිසාය. ඒ පින ඔබව නිවන කරා ගෙනයන බව අපි සත්සුදත් සේ දනිමු. 'වාසනා' (ඔබ ළඟ ඉන්න ළඟ ඉන්න),‘නොම්මර 17’, ‘ජය අපටයි’, ‘මමයි රජා’,‘හතර දෙනාම සූරයෝ’, ‘මේ දෑස කුමට ද’, ‘තුෂාරා’, 'කස්තුරි සුවඳ', 'හිතහොඳ මිනිහෙක්','කචුද රජා', 'සංගීතා' (ඉර හඳ වැඳලා), 'සිවිප් ටිකට්' ජෝති ගීයෙන් ඔප වැට්ටූ සිංහල සිනමාවේ සන්ධිස්ථාන කීපයකි. වරහන් තුළ දක්වා ඇත්තේ වර්තමාන සුපිරි තරු බිහිකළ ඒ චිත්‍රපටයන් හී ගීතයන්ය.

1987 ජූලි 07 වන දින රත්තරන් ස්වරයක් හා රත්තරන් හදවතක් තිබූ ඒ සුප්‍රබුද්යාණෝ නොහොත් එච්.ආර්. ජෝතිපාලයන් අප අතරින් සදහටම සමුගත්තේය. මිය යන විට පනස් එක් වියැති වූ "ජෝති බීලා මළා! "යන්න ප්‍රසිද්ධ විය. නමුදු බොහෝ දෙනා නොදන්නා කරුණක් නම් ජෝති මළේ ශ්වසනාබාධයකින් යන්නයි.

ජෝති අයියේ....... අද යාචකයාගේ බෙලෙක්කයට රුපියලක් වැටෙන්නේත් වර්තමාන, සංගීතත් කේෂ්ත්‍රයේ සුපිරි තරු බිහිවෙන්නේත් ඔබගේ දැවැන්ත ප්‍රතිභාවේ, හැකියාවේ හා කැපවීමේ මහිම‍යෙනි. ඔවුන් ඔබට සදා ණය ගැති වන්නෙහිය.
 

අද සිට ආරම්භ වන්නා වූ ‍අපගේ මෙම අඩවිය තුළින් එම අසහාය ගායක එච්.ආර්.‍ජෝතිපාලයන්ගේ ගීතයන් සහ තවත් ලිපි ඔබගේ රසවින්දය සඳහා ලබා දීමට අප උත්සාහවන්තවෙමු. මේ සඳහා ඔබගේ අදහස්, යෝජනා හා උපකාරයන් ද අප විසින් බලාපොරොත්තු වන්නෙමු.

සැ.යු :- මෙහි විකියෙන් හා වැමිපයර් අඩවියෙන් උපුටා ගන්නා ලද කරුණු ද ඇතුලත් වේ.

එච්.ආර්. ජෝතිපාලයන් ගැයූ ගී (1 වන කාණ්ඩය)

ගීතය ගායනය බාගන්න
1. ආදර මධුර අතීතේ එච්.ආර්. ජෝතිපාල Download Here
2. ආදරේ මැණිකෙගේ ආදරේ එච්.ආර්. ජෝතිපාල Download Here
3. ආලය කාටත් පොදු දෙයකි එච්.ආර්. ජෝතිපාල Download Here
4. ආ‍ලෝකෙ අතීතයෙන් එච්.ආර්. ජෝතිපාල Download Here
5. දුරකථනයකින් මම ඔබ එච්.ආර්. ජෝතිපාල Download Here
6. කොයි යන්නේ එච්.ආර්. ජෝතිපාල Download Here
7. මා ලඟ හිනැහී එච්.ආර්. ජෝතිපාල Download Here
8. මගෙ ආදරීට සම්පත සැප එච්.ආර්. ජෝතිපාල Download Here
9. මහද නැමැති වන බඹරා එච්.ආර්. ජෝතිපාල Download Here
10. මීදුම් ගලා කන්දේ එච්.ආර්. ජෝතිපාල සමඟින් 
ඇන්ජලීන් ගුණතිලක
Download Here